අපි ඕනෑම මැතිවරණයකට සූදානම්-නාමල්

අපි ඕනෑම මැතිවරණයකට සූදානම්-නාමල්

August 21, 2019   12:08 pm

ඉදිරියේදී පවත්වනු ලබන ඕනෑම මැතිවරණයක් සඳහා විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

හමබන්තොටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව තුළ ඇති අර්බුදය අවසන් කර මේ වසර තුළ හැකි ඉක්මනික් මැතිවරණය පවත් වන ලෙස මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ අවුරුදු එක හමාරක් ආණ්ඩුව විසින් කල් දමා තිබු පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවට දැන් මතක් වී ඇති බවයි.