හෙරොයින් ජාවාරම්කරුට ලිහිල් දඬුවම් ඉල්ලද්දී මහාධිකරණයෙන් පෝරකය තීන්දුයි
August 21, 2019 11:36 am
හෙරොයින් ග්‍රෑම් 22.54 ක ප්‍රමාණයක් ඡාවාරම් කිරීමට වරදකරු කරනු ලැබූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව අද(21) ලබා දී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
2007 නොවැම්බර් මස 26 වන දා මට්ටක්කුලිය ප්‍රදේශයේ දී මෙම විත්තිකරු වන හල්පිට පතිරණගේ දොන් නිශාන්ත පෙරේරා නැමැත්තා ඇතුළු තවත් තිදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 51 යි මිලිග්‍රෑම් 300 ක ප්‍රමාණයක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එකී හෙරොයින් ප්‍රමාණයෙන් සුද්ධ හෙරොයින් ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 54 තිබීම හේතුවෙන් එම චෝදනාවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.
එහි පළමු හා දෙවන විත්තිකරුවන් නඩු විභාගය අතර තුර දී මිය යෑම හේතුවෙන් මෙම විත්තිකරුට එරෙහිව පමණක් නඩුව පැවැත් වු බවත් අප වාර්තාකරු පවසයි.
අද දිනයේ දී ඉහත චෝදනාවට වරදකරු කළ අවස්ථාවේ දී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහුගේ වයස සහ කර ඇති වරදේ ස්වභාවය අනුව ලිහිල් දඩුවම් ලබා දෙන්නයි ඉල්ලා සිටියේය.
කෙසේ නමුත් එම විත්තිකරු පැදවු ත්‍රීරෝද රථයේ කැබින් එකේ තිබී එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ එම තමා සන්තකයේ එම හෙරොයින් තබා ගැනීම හේතුවෙන් විත්තිකරු පැහැදිලි ලෙසම එකී මත්ද්‍රව්‍ය ඡාවාරමට සහය දක්වා ඇතැයි පෙන්වා දුන් රජයේ අධිනීතිඥ නිසාරා ජයරත්න මෙනවිය විත්තිකරුට ලබා දිය හැකි උපරිම දඩුවම් දෙන ලෙස ඉල්ලා තිබේ.
සමාජයට මහත් ව්‍යසනයක් වී ඇති හෙරොයින් ඡාවාරම සුළුකොට නොතකා සමාජයට ආදර්ශයක් ගත හැකි පරිදි උපරිම දඩුවම් ලබා දෙන ලෙසද අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.
එම කරුණු විමසා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.