බීමත් රියදුරන් සංඛ්‍යාව 9692ක දක්වා ඉහළට

බීමත් රියදුරන් සංඛ්‍යාව 9692ක දක්වා ඉහළට

August 21, 2019   11:14 am

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය මස 05 වන දින සිට ආරම්භ කළේය.

ඒ අනුව අදාළ මෙහෙයුම මාස එකහමාරක ආසන්න කාලයක් ක්‍රියාත්මක කර ඇත.

මෙම මෙහෙයුමේදී ඊයේ (20)  උදෑසන 06.00 සිට අද (21) උදෑසන 6.00 දක්වා  වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 168ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙම කාලය තුළ බීමත් රියදුරන් 9692දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.