කර්මාන්ත සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්

කර්මාන්ත සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්

August 21, 2019   11:04 am

කර්මාන්ත සංවර්ධනය සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනය හා පැවැත්ම කෙරෙහි දැනට ක්‍රියාත්මක විවිධ ප්‍රතිපත්තීන් අතර පවතින අනනුකූලතාවන්, අවශ්‍ය තාක්ෂණය හා යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මේ අතර, මානව සම්පතෙහි අඩු බව, අධික බල ශක්ති පිරිවැය, කර්මාන්ත ආශ්‍රිත පාරිසරික ස්පතතෙහි අඩු බව, අධික බල ශක්ති පිරිවැය, කර්මාන්ත ආශ්‍රිත පාරිසරික අභියෝග සහ නෛතික පරිසරයේ පවතින අඩුපාඩුකම් අහිතකර ලෙස බලපා ඇති බවට හඳුනාගෙන ඇත.

එම ගැටළු අවම කර ගෙන රටේ සංවර්ධනය කෙරෙහි දායක විය හැකි සාර්ථක කර්මාන්ත උපාය මාර්ගයක් සකස් කිරීම  ජාතික අවශ්‍යතාවයක් බවට පත් වී තිබේ.

ඒ අනුව කර්මාන්ත සංවර්ධනය සඳහා වන ජාතික අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වු පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.