ස්ටීවන් ස්මිත් තුන්වන ටෙස්ට් තරගයෙන් ඉවතට

ස්ටීවන් ස්මිත් තුන්වන ටෙස්ට් තරගයෙන් ඉවතට

August 21, 2019   10:30 am

එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත අළුබඳුන තරගාවලියේ තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත් ඉවත් කර තිබේ.

ඊට හේතුව දෙවන ටෙස්ට් තරගයේදී ස්මිත්ගේ ගෙල ප්‍රදේශයේ පන්දුවක් වැඳීම හේතුවෙන් ඔහු ආබාධයකට ලක්වීමයි.

ඔස්ට්‍රේයාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේදී ජොෆ්රා ආචර් යැවූ පන්දුවක් ස්ටීවන් ස්මිත්ගේ ගෙල ප්‍රෙද්ශය වැදීම හේතුවෙන් ආබාධයකට ලක්ව ඔහු තාවකලිකව පිටියෙන් ඉවත්ව ගියේය.

අනතුරුව ඔහු නැවතත් පිටියට පිවිසි අතර සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 26වන ශතකයට ලකුණු 8ක් අවශ්‍යව තිබියදී ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු පුහුණුකරු සහ වෛද්‍යවරුන් සාකච්ඡා කිරීමෙන් පසු තීරණය කෙරුණේ එංගලන්තය සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේදී ස්ටීවන් ස්මිත් ඉවත් කර විවේක ගැන්වීමටයි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අගෝස්තු මස 22 වැනිදා එංගලන්තයේ හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතයි.