අපි සහය දෙන අපේක්ෂකයා ගැන කියන්නේ නෑ-ගැමුණු

අපි සහය දෙන අපේක්ෂකයා ගැන කියන්නේ නෑ-ගැමුණු

August 21, 2019   10:26 am

ගෙවුණු වසර පහක කාලය තුළ තම සංගමය බලාපොරොත්තු වූ කිසිදු පියවරක් ගැනීමට රජය මැදිහත් නොවුණු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරන්න ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අති විශාල කැපවීමක් සිදු කල බවද ඒ මහතා පවසයි.

එනිසා 18 වන සංශෝධනය ස්ථාපිත  නොවී ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත වරක් වෙනස් කර අලුත් පාලන තන්ත්‍රණයක් ඇති කිරීමට දැඩි උවමනාවක් පැවති බවත් සඳහන් කර සිටි ගැමුණු විජේරත්න මහතා, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රබල කැප කිරීමක් ඒ වෙනුවෙන් සිදු කල බය ද කියා සිටියේය.

අද දිනයේ සතුටු විය හැකි එක් කාරණයක් ඇති බවත් පැවසු ඒ මහතා, 19 වන සංශෝධනය ස්ථාපිත කිරීමට ඒ තුළින් හැකියාව ලැබුණු බවද පැවසීය.

ජනාධිපතිවරණයෙක් පැමිණෙන විට ලිඛිතව යෝජනාවලියක් රටට ඉදිරිපත් කළ යුතු බවත් පැවසු ඒ මහතා, අද වන තුරු පෞද්ගලික බස් කර්මාන්තය වෙනුවෙන් කිසිදු වැඩක් සිදු නොවු බවට ද චෝදනා කර සිටියේය.

මේ වසරට ආසන්න කාලයේ දී බස් කර්මාන්තය කඩා වැටීමකට ලක්ව ඇතැයි ද පැවසු ගැමුණු මහතා,  දිනකට බස් රථවල යන මඟින් 1500 ක් පමණ නොකඩවා අඩු වෙමින් පවතින බවත් වසරකට බිලියන 240 කට පමණ ප්‍රමාණයක් බස් රථවලින් කප්පම් ලබා ගන්නා බවත් පැවසීය.

යහපාලනය තුළින් මේ ගැටළුවලට පිළියම් සෙවු නමුත් කිසිවක් සිදු නොවු බව පැවසු ඒ මහතා, කිසිදු අපේක්ෂකයෙක් ගැන ප්‍රකාශ කිරීමට හෝ සහය දක්වන්නේ කාටද යන්න ගැන කිසිවෙකුට පැවසීමට උත්සහ නොගන්නා බවත් කියා සිටියේය.