නවසීන්ත-ශ්‍රී ලංකා දෙවන තරගය හෙට

නවසීන්ත-ශ්‍රී ලංකා දෙවන තරගය හෙට

August 21, 2019   09:49 am

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය හෙට(22) කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 1ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම  මේ වන විට පෙරමුණ ගෙන තිබෙනවා.
 
ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ටෙස්ට් තරග 2ක් ඇතුළත්.

ඒ අනුව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 6කින් වාර්තා ගත ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එම ජයග්‍රාහණයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මේ අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සහ නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නැවතත් සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගියදා  නිවේදනය කළා.

ඔවුන් දින 14ක් ඇතුළත පරීක්ෂණයකට මුහුණ දිය යුතු වන අතර එම පරීක්ෂාව අතරතුර අකිලට සහ විලියම්සන්ට ජාත්‍යන්තර තරග වලට සහභාගී වීමේ හැකියාව පවතිනවා.

මේ අතර ටෙස්ට් තරගාවලිය අවසන් වීමේන් පසු නවසීලන්ත නායක කේන් විලියම්සන් නැවතත් නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.