ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි
සයුරෙන් එතෙර

ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

August 21, 2019   09:46 am

ඉතාලි දේශපාලන අර්බුදය තීව්‍ර කරමින් එරට අගමැතිවරයා ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපතිවරයා කොන්ටේ ගේ ඉල්ලා අස්වීම භාරගෙන තිබූ බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

ඉතාලි අගමැති ජුසෙපේ කොන්ටේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඔහු ධුරයෙන් ඉවත්ව ඇත්තේ සිය සමීප හිතවාදියෙක් මෙන්ම දේශපාලන සඟයෙක් වූ ඉතාලි ජනාධිපති මතෙයෝ සැල්වීනිගේ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති නිර්ධය ලෙස විවේචනය කරමින්.

සිය පෞද්ගලික හා පක්ෂ දේශපාලනය කරපින්නා ගනිමින් වගකීම් විරහිතව කටයුතු කර ඉතාලිය දේශපාලන අර්බුදයක් දක්වා කැදවාගෙන යාමේ වගකීම ජනාධිපතිවරයා බාරගත යුතු බව කොන්ටේ පවසයි.

එහිදී ජනාධිපතිවරයා වගකීම් විරහිතව කටයුතු කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

පවතින තත්ත්වය මත ඉදිරියේදී කිසිදු දිනෙක පාලක ෆයිව් ස්ටාර් පෙරමුණ සමගින් සන්ධානගත නොවන බවත් ඔහු අවධාරණය කළේය.

අගමැති කොන්ටේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පසුගියදා ජනාධිපති සැල්වීනි පසුගියදා කටයුතු කළේය.

පාලක සන්ධානයේ දැඩි බෙදීමක් හටගත්තේ ඉන් පසුවයි.

බෙදී ගිය පාලක පක්ෂය යළි ස්ථාවර කරගැනීමට යම් හෙයකින් නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර යළි මහා මැතිවරණයක් කැදවීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති.