පාර්ලිමේන්තුවට වෙනම නාලිකාවක්
August 21, 2019 09:13 am
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවද අද(21) සිට මාධ්‍යයට විවෘත කරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි.
අද දෙරණ වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මේ වන විට පාර්ලිමෙින්තු සභා ගර්භය හා පොදු ව්‍යපාර කාරක සභාව ද මේ වන විට මාධ්‍යයට විවෘත කර ඇතැයි පැවසු මන්ත්‍රීවරයා, රාජ්‍ය ගිණුම් කාරක සභාව ද මාධ්‍යයට විවෘත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද පැවසීය.
විශේෂයෙන් පළමු අදියර වශයෙන් පුවත්පත් මාධ්‍යවේදීන්ට ඒ මොහොතේ රැස්වීම් සඳහා සහභාගී විය හැකි බවත්, ඊට අමතරව සෑම දිනකම සවස් කාලයේ දී පාර්ලිමේන්තුවේ සිටින මාධ්‍යවේදීන් CD තැටිය ලබා ගැනීමට පසුව විකාශය කිරීමේ හැකියාව ලැබෙන බවත් ඊළඟ පියවර වශයෙන් වෙබ් මාධ්‍ය තුළින් විකාශය කිරීමටත් කටයුතු කරන බව අලගියවන්න මහතා මෙහිදී කියා සිටියේය.
එමෙන්ම පාර්ලිමේන්තුව සඳහා වෙනම නාලිකාවක් ලබා ගෙන විකාශන කටයුතු කිරීමට ද තීරණය කර ඇති බවත්, ජනතාවගේ අවශ්‍යතාවය මත මෙම තොරතුරු දැන ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.