පාකිස්ථානයෙන් අනතුරු ඇඟවීමක්
සයුරෙන් එතෙර

පාකිස්ථානයෙන් අනතුරු ඇඟවීමක්

August 21, 2019   09:07 am

කාශ්මීර අර්බුදය ජාත්‍යන්තර අධිකරණය වෙත රැගෙන යන බව පාකිස්ථානය පවසයි.

පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මෙහමූඩ් කුරේෂි විසින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාව විසින් පාලනය කරනු ලැබූ කාශ්මීරයේ විශේෂ ස්වයං පාලනය අවලංගු කිරිමෙන් පසු මෙම තත්ත්වය හටගෙන ඇති බව සදහන්.

මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීරය ඉන්දියාව විසින් නොසලකා හැරීම මානව හිමිකම් උල්ලංඝණය කිරිමක් ලෙස සැලකෙන බව පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා  ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට දුරකතන ඇමතුමක් ලබා දෙමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර සාකච්ඡා මාර්ගයෙන් මෙම ප්‍රශ්නය විසදාගත යුතු බවයි.