අරුවක්කාලුවට කසල ගෙනා ටිපර් 4කට ප්රහාරයක්
August 21, 2019 08:51 am
අරුවක්කාලු කසල අංගනයට කසල ප්රවාහනය කරමින් තිබු ටිපර් හතරකට අද (21) අලුයම කිසියම් පිරිසක් පහර දී ඇති බව වාර්තා වේ.
මෙම ප්රහාරය එල්ලවි ඇත්තේ පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ 4 කනුව ආසන්නයේදීය.
මහමග රැදි සිටි පිරිසක් තම ටිපර් රථ වලට පහර දීම සිදුවු බවත් ටිපර් රථ වලට පහර දුන් පිරිස් විසින් තමන්ටද පහර දීමට එයින් එලියට ඇද ගැනිමට උත්සහ කළ බව එහි රියදුරන් පොලිසියට පවසා තිබේ.
මෙයට පෙර 19 දින අලුයමද එම මාර්ගයේම මනතිව් ප්රදේශයේදී ටිපර් රථ වලට ප්රහාරයක් එල්ල වි තිබු අතර ඒ සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු යුද හමුදාව හා පොලිසිය එක්ව අත් අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ඊයේ (20) රාත්රියේ අරුවක්කාලු කසල අංගනය වෙත කසල ප්රවාහන සඳහා කොළඹ සිට ටිපර් රථ 29 ක් පැමින තිබු අතර එයින් හතරකට මෙසේ ප්රහාරය එල්ල වී ඇත.
ප්රහාරය සඳහා පැමිනි පිරිස් ගල් හා යකඩ පොලු යොදා ගෙන තිබු බව රියදුරන් පවසයි.
එම ප්රහාරයෙන් ටිපර් රථ වලට සුළු අලාභ හානි සිදුව තිබු අතර පොලිසිය හා යුද හමුදාව ආරක්ෂාවට යොදවා තිබෙන බව පොලිසිය පවසයි.