පුත්තලම-අනුරාධපුර මාර්ගයේ  සිදු වු අනතුරකින් 7ක් රෝහලට

පුත්තලම-අනුරාධපුර මාර්ගයේ සිදු වු අනතුරකින් 7ක් රෝහලට

August 21, 2019   08:40 am

පුත්තලම-අනුරාධපුර මාර්ගයේ අලුත්ගම 18 කණුව ප්‍රදේශයේදී අද (21) අලුයම 4.45ට පමණ සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ දරුවෙකු ඇතුළු හත් දෙනෙකු රෝහල් ගතකර තිබේ.

කටුනායක සිට මුලතිව් ප්‍රදේශයට පිරිසක් රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහණ ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණයවී ඇත.

මෙහිදී තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කළ රියැදුරු ඇතුළුව පිරිමි සිව් දෙනෙකු හා කාන්තාවන් තිදෙනෙක් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසෙන මෙම පිරිස විදෙස් ගතවන ඥාතියෙකු කටුනායක ගුවන් තොටුපල වෙතට ඇරළවා ආපසු මුලතිව් වෙතට යමින් සිටියදී මෙම අනතුරු සිදු වී ඇති බව පැවසේ.

මෙහිදී ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව තුවාලකරුවන් වෑන් රථයෙන් පිටතට රැගෙන 1990 ගිලන් රථ සේවා ඔස් නොච්චියාගම රෝහලට යැවීමට පොලීසිය පියවර තිබුණි.

සාලියවැව පොලීසිය වැඩිදුර පරික්ෂණ කටයතු මෙහෙයවයි.