හක් බෙල්ලන් තොගයක් සමඟ 2ක් දැලේ

හක් බෙල්ලන් තොගයක් සමඟ 2ක් දැලේ

August 21, 2019   07:21 am

මුහුදු හක් බෙල්ලන් තොගයක් නීති විරෝධී ලෙස ගබඩා කර තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.

ඊයේ(20) රාත්‍රීයේ කල්පිටිය - මණ්ඩලකුඩාව,මිහිරාජ් පුරම් ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

මිහිරාජ් පුරම් ගම්මානයේ ගෙවත්තක මුහුදු හක් බෙල්ලන් තොගයක් වල දමා ඇති බවට ලද තොරතුරක් මත වැටලීම සිදු කර ඇත.

මෙම මුහුදු හක් බෙල්ලන් තොගය පොලිතින් උර 19ක අසුරා ඒවා වළ දමා තිබී ඇති අතර එම උර වල මිලි මීටර් 70ට අඩු මුහුදු හක් බෙල්ලන් 1839ක් සහ මිලි මීටර් 70 ට වැඩි මුහුදු හක් බෙල්ලන් 795 ක් තිබී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

1996 ධීවර හා ජලජ සම්පත් පනත අනුව මිලි මීටර් 70ට අඩු මුහුදු හක් බෙල්ලන් ඇල්ලීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය තහනම් වේ.

මිලි මීටර් 70 ට වැඩි මුහුදු හක් බෙල්ලන් ඇල්ලීම,සන්තකයේ තබා ගැනීම හෝ ප්‍රවාහනය සදහා ධීවර දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීමක්ද සිදු කළ යුතු වේ.

නමුත් සැකකරුවන් සඳහා එවැනි බලපත්‍රයක් හෝ තිබී නැත බව වාර්තා වෙයි.

සැකකරුවන් දෙදෙනා කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.