මනුසත් දෙරණේ තවත් සත් ක්‍රියාවක්

මනුසත් දෙරණේ තවත් සත් ක්‍රියාවක්

August 18, 2019   07:20 pm

මනුසත් දෙරණ  '' තුරුලිය වෙනුවෙන් අපි '' වැඩසටහනට අවශ්‍ය ජල ටැංකි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත් විය.

මනුසත් දෙරණ සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව දියත් කළ විල්පත්තුව රක්ෂිතය තුළ නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතියේ  '' තුරුලිය වෙනුවෙන් අපි '' වැඩසටහනට අවශ්‍ය ජල ටැංකි ප්‍රදානය පසුගියදා සිදුකෙරුණි.

මෙම ජල ටැංකි පරිත්‍යාග කරනු ලැබුවේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය විසින්.

ඒ අනුව www.derana.lk ස්ලෑෂ් සේව් විල්පත්තු යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබටත් මෙම ව්‍යාපෘතියට සම්බන්ධවීමට මෙන්ම එයට අධාර ලබාදීමටද අවස්ථාව පවතියි.