උකුසු ඇසින් දුටු තවත් වන සංහාරයක්

උකුසු ඇසින් දුටු තවත් වන සංහාරයක්

August 15, 2019   06:56 pm

සිංහරාජයේ පරිවාර වනාන්තරයක් වන හඳපාන්ඇල්ල යෝජිත රක්ෂිතය මනස්කාන්ත පරිසරයකට උරුමකම් කියන මෙම භූමිය ස්වාභාවික සම්පත්වලින්ද අනූන වූවක්.

එවන් පසුබිමක මෙම හඳපාන් ඇල්ල පාමුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයිති බෝතියතැන්න ගම්මානයේ අක්කර අටකට ආසන්න භූමි ප්‍රමාණයක ගස්වැල් කපා දමා ඇති බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණි.

ඒ අනුව උකුස්සා සිදුකළ ගවේෂණයේදී අනාවරණ වුණේ මෙම භූමිය සිංහරාජයේ සිටින අලි දෙදෙනා සංක්‍රමණය වන ප්‍රධානම පතන හා වනාන්තර භූමියේ මැද පිහිටි ඉඩමක් බවයි.

මෙම භූමියෙහි එක් පසෙකින් හඳපාන් ඇල්ලෙන් ආරම්භවන දොළ මාර්ගයක් ද දැකගත හැකිවෙයි.

වැඩිදුරටත් උකුස්සා සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වුණේ මෙම ඉඩම ජලබෝතල් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා මෙලෙස හෙළි පෙහෙලි කර ඇති බවයි.

වසර සිය ගණනක් පැරැණි රූස්ස ගස් එකිනෙක බිම දමා විනාශ කර තිබුණි.

මෙපමණ වන විනාශයක් සිදුවනතෙක් වගකිවයුත්තන් නිහඩව සිටීම පුදුමයට කරුණකි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ උකුස්සා අවධානයෙනි.