IOC මිලත් ඉහළට

IOC මිලත් ඉහළට

August 14, 2019   07:29 am

ඊයේ(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක් රුපියල් 2  කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලිටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩිසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේවෙතත් ඔටෝ ඩීසල්වල මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකිරිමට තීරණය කර ඇති බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 163 ක් වෙයි.

සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 134 වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් වලට අනුව  සෑම මසකම මිල සුත්රපයට අනුව ඉන්ධන මිල සංශෝධනය කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ අතර ලංකා අයි .ඕ .සි සමාගම ද අද(14) සිට ඉන්ධන මිල ඉහල දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ද ඉහල දමා ඇති බව වාර්තා වෙයි.

මිල සංශෝධනයට අනුව අයි.ඕ.සි සමාගමේ  ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රංල් ලීටරයක නව මිල රුපියල් 166 වනවා.

සුපිරි ඩීසල් ලිටරයක නව මිල රුපියල් 134 බව ලංකා අයි.ඕ.සි සමාගම සඳහන් කළේය.

කෙසේ වෙතත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩිසල් මිලෙහි සංශෝධයක් සිදු කර නොමැති බව ද අයි.ඕ.සි සමාගම සඳහන් කළේය.