හෙරොයින් ළඟ තබා ගත් කතක් ගල්කිස්සෙන් අල්ලයි

හෙරොයින් ළඟ තබා ගත් කතක් ගල්කිස්සෙන් අල්ලයි

August 14, 2019   07:04 am

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 60 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම මෙහෙහුම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 49 ක් වු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකරු අද(14) දිනයේ දී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලිසිය වැඩිදුර මෙහෙයුම් සිදු කරයි.