අරුවක්කාළුවට කුණු අරන් යන ටිපර් රථ දෙකක් අනතුරක
August 14, 2019 06:48 am
කොළඹ සිට අරුවක්කාළු සනීපාරක්ෂක කසල අංගනය වෙත කසල ප්රවාහනය කරමින් තිබූ ටිපර් රථ දෙකක් එකි නෙක ගැටීමෙන් එක් අයෙකු තුවාල ලබා ප්රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
අද(14) වැනිදා අළුයම 2.00 ට පමණ පුත්තලම-කොළඹ මාර්ගයේ මදුරන්කුලිය - කරිකට්ටිය ප්රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.
ඉදිරියෙන් ගමන් කරමින් තිබූ ටිපර් රථයේ පිටුපස අනෙක් ටිපර් රථය ගැටීමෙන් අනතුර සිදුවී තිබේ.
ප්රතිකාර සඳහා රෝහල් ගත කර ඇත්තේ පසුපසින් ගොස් අනතුරට පත්ව ඇති ටිපර් රථයේ රියදුරු බව පොලීසිය කියයි.
මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
මේ අතර, හලාවත - කොළඹ මාර්ගයේ මාරවිල-මූදුකටුව ප්රදේශයේදී සිදුවී ඇති අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා ප්රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ඊයේ(13) වැනිදා රාත්රී 9.00 ට පමණ මෙම අනතුර සිදුවී තිබේ.
කොළඹ දෙස සිට පැමිණි කුඩා ප්රමාණයේ කන්ටේනර් රථයක් සහ ප්රතිවිරුද්ධ දෙසින් ධාවනය වෙමින් තිබූ වැලි පැටවූ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
තුවාල ලබා ප්රතිකාර සඳහා රෝහල් ගත කර ඇත්තේ අනතුරට පත් වාහන දෙකෙහි රියදුරන් බව පොලීසිය කියයි.
මාරවිල පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.