දූෂණයෙන් තොර රටක් හදන්න සුදුසුම කෙනා සජිත්

දූෂණයෙන් තොර රටක් හදන්න සුදුසුම කෙනා සජිත්

August 13, 2019   05:15 pm

දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමට පළපුරුදු නායකයෙක් අවශ්‍ය බවත්, ඒ සඳහා සුදුසුම පුද්ගලයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බවත් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මඩකලපුවේ පැවති වැඩසටහනකට එක්වෙමින්ය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම නිල වශයෙන් පක්ෂය විසින් අනුමත කර නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමත්, එක්සත් ජාතික පාක්ෂිකයින් සහ මුළු රටම කැමැත්තෙන් සිටින බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.