ත්‍රස්ත ප්‍රහාරයේ තෙමස් පූර්ණය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ දී පුණ්‍ය කර්මයක්

ත්‍රස්ත ප්‍රහාරයේ තෙමස් පූර්ණය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ දී පුණ්‍ය කර්මයක්

July 21, 2019   11:22 pm

අප්‍රේල්  21 ත්‍රස්ත ප්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් මිය ගිය අයට පිං පමුණුවමින් විශේෂ දානමය පුණ්‍ය කර්මයක් අද (21) පෙරවරුවේ කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දි පැවැත්විණි.

මහා සංඝරත්නය 21ක් නමක් විෂයෙහි දානමය පුණ්‍ය කර්මය සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමින් වහන්සේ මුලසුන හෙඹවූහ.

ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමා, ගරු ඩෙනින්ටන් සුබසිංහ පියතුමා, ගරු ෆ්‍රීලි මුතුකුඩආරච්චි පියතුමා ඇතුථ පියතුමන්ලා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහු රැසක් මෙම දානමය පුණ්‍ය කර්මයට එක්ව සිටියහ.