අලියා හැමදාම අලියා-වෙනස් වෙන්නේ නෑ

අලියා හැමදාම අලියා-වෙනස් වෙන්නේ නෑ

July 21, 2019   10:40 pm

ගිනිගත්හේන නගරයේ නාය යාම  පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට මාර්ග සහ මහ මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යය කබිර් හෂිම් මහතා අද (21) පස්වරුවේ ගිනිගත්හේන නගරයට ගොස් ඇත.

ගිනිගත්හේන නගරයේ නායයාමට ලක් වු  වෙළඳසැල් සහ තවදුරටත් නායයාමේ අවධානමක් තිබෙන වෙළඳසැල් පිළිබදව සහ නාය යාමේ අවධානමට ලක් වී ඇති හැටන් මහනුවර මාර්ගයේ කොටස පිළිබඳව අමාත්‍යයවරයා සොයා බලා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නගරයේ වෙළද ව්‍යාපාරික ප්‍රජාව සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡා කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ගිනිගත්හේන නගරයේ නාය යාමට ලක් වු මාර්ගයේ කොටස ආරක්ෂිත බැම්මක් ඉදි කර මාර්ගය පුළුල් කිරීමටත්, නාය යාමට ලක් වු වෙළඳසැල් වෙනුවට අලුතින් මාර්ගය පුළුල් කරන ස්ථානයේම ඉදි කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවඅමාත්‍යයවරයා ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතික පෙරමුණ තවත් දේශාපාලන පක්ෂ කිහිපයක් සමඟ එක් වි සන්ධාන ගත වීම සම්බන්ධයෙන් තවදුරටත් එම දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරන බවත්, එක්සත් ජාතික පක්ෂයේ සලකුණ වෙනස් කිරීමේ කිසිදු අදහසක් නොමැති බවද එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ අමාත්‍යය කබිර් හෂිම් එහිදී පවසා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ වෙනස් නොවෙන බව ඔහු මෙහිදී පවසා සිටියේය.

මෙම නිරික්ෂණ චාර්කාවට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම කේ කේ පියදාස මහතාද සහභාගි විය.