අවසර නැතුව වැලි පැටවූ දෙදෙනෙක් නාවික හමුදා බාරයට

අවසර නැතුව වැලි පැටවූ දෙදෙනෙක් නාවික හමුදා බාරයට

July 21, 2019   09:08 pm

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, කන්දල්කාඩු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදි අවසරපත් නොමැතිව වැලි පැටවු පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කරන ලද වැටලිමකදි අවසරපත් නොමැතිව මහවැලි ග‍ඟේ වැලි පටවමින් සිටියදි මෙලෙස මෙම පුද්ගලයින් දෙදෙනා (02) නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එහිදී, ඔවුන් සතුව තිබී ලොරි රථ 02 ක්, වැලි කියූබ් 03 ක් සහ වැලි පැටවිමට යොදා ගන්නා සවලක් ද නාවික හමුදාව භාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, ලොරි රථ සහ වැලි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතුර්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.