වත්මන් ආණ්ඩුවට වඩා රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්සත්ව කටයුතු කළ හැකියි

වත්මන් ආණ්ඩුවට වඩා රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්සත්ව කටයුතු කළ හැකියි

July 21, 2019   08:30 pm

මෙරට ජාතික ප්‍රශ්නවලදී වත්මන් ආණ්ඩුවට වඩා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්සත්ව කටයුතු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද (21) පිළියන්දල පැවති උත්සවයකදීයී.

ජනතා සේවක පක්ෂයේ නිර්මාතෘ සෝමවංශ අමරසිංහ මහතාගේ තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද පිළියන්දල නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත් විය.

ඊට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් පළ කළේය.

අපි තරාදියකට දමා බැලු විට රනිල් වික්‍රමසිංහට වඩා රාජපක්ෂලාගේ දේශපාලනය ජාතික ප්‍රශ්නයේදී එක්සත්ව කටයුතු කළ හැකි බවද රතන හිමයන් පැවසීය.

වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ ගන්නා තීන්දු තීරණ සම්බන්දයෙන් ගැටළු පවතින බවත් එහි සැබෑ තත්ත්වය කුමක්ද යන්න ජනතාවට අවබෝධකර ගත හැකි බවත් රතන හිමියන් ප්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රතන හිමියන් පැවසුවේ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව කටයුතු නොකළ යුතු බවත් කළ යුත්තේ ඔහුගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම බවත්ය.