පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් තවත් ඛේදවාචකයක් වැළැක්වූ හෝඩුවාව
July 21, 2019 07:31 pm
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු සිදුවීමට ගිය තවත් විනාශයක් වළක්වා ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ලබාදුන් දායකත්වය පිළිබඳ කුලී රථ රියදුරෙකු අද දෙරණ සමඟ සිය අත්දැකීම් අනාවරණ කළේය.
(මෙම පුද්ගලයාගේ අනන්‍යතාව ආරක්ෂක හේතූන් මත හෙළිදරව් නොකරන බව කරුණාවෙන් සලකන්න.)
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 26 වැනිදා සයින්දමරුදු හී පිපිරීම් සිදු කළ , සහරාන්ගේ පියා සහ සොහොයුරා ඇතුළු කන්ඩායම එම ප්‍රදේශයේ පුපුරණද්‍රව්‍ය ගබඩා කර තැබූ සමන්තුරේ සහ නින්දවූර් හී නිවාස ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබූ මෙහෙයුම සඳහා තමා දැක්වූ දායකත්වය පිළිබඳව එම කුලී රථ රියදුරෙකු අද දෙරණ සමඟ සිය අත්දැකීම් අනාවරන කළේය.
ඔහුට අනුව ප්‍රහාරයට සම්බන්ධ පිරිස් එම පුපුරණ ද්‍රව්‍ය සමන්තුරේ වෙත රැගෙන ගොස් ඇත්තේ මීගමුවේ සිටයි.
ඒ සඳහා ඔවුන් පෞද්ගලික කුලී රථ සේවා ආයතනයක සහාය පතා ඇති අතර එම ඇනවුම අනුව මෙම රියදුරු අප්‍රේල් 09 වැනිදා පස්වරුවේ මීගමුවේ අදාල ස්ථානය වෙත ළඟා වී තිබේ.
කෙසේවෙතත් මෙම රියදුරුට තමා ප්‍රවාහන පහසුකම් සැපයූ පිරිස පිළිබඳව සැක මතුවන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය වාර්තා වූ දින රාත්රියේදීයි.
ඒ අනුව ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත අදාල නිවාස දෙක පෙන්වීම සඳහා අප්‍රේල් 26 වැනිදා සමන්තුරේ ප්‍රදේශයට ගමන්ගත් බව ඔහු සඳහන් කළේය.
සයින්දුමරුදුහි නිවසේදී ප්‍රහාරකයින් පිරිසට සිය ජීවිතවලින්ම වන්දිගෙවීමට සිදුවූයේ ආරක්ෂක අංශ ඔවුන්ගේ නිවස්න වැටලීමෙන් පසුවයි.
එහෙත් පසුව ඇති වූ ජීවිත අවදානම නිසා තමාට කරමින් සිට රැකියාවෙන්ද ඉවත් වීමට සිදු වූ බව මෙම රියදුරු පවසයි.
සිදුවීමට ගිය විශාල විනාශයක් වැළැක්වීමට දායක වූ මොහුට සමස්ත ජාතියේම ප්‍රණාමය සහ ඇගයීමක් හිමි විය යුතු නොවන්නේද?