සයුරෙන් එතෙර
ජෝන් බෝල්ටන් ජපානයේ සහ දකුණු කොරියාවේ නිල සංචාරයක
July 21, 2019 06:38 pm
අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ජපානයේ සහ දකුණු කොරියාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ.
ජපානය සහ දකුණු කොරියාව අමෙරිකාවේ ප්‍රධාන හවුල්කාර රාජ්‍යයන් වන අතර ඊයේ දිනයේ ජෝන් බෝල්ටන් සිය නිල සංචාරය ආරම්භ කරමින් ජපානය බලා පිටත්ව ගොස් ඇති බව සදහන්.
එම සංචාරයෙන් අනතුරුව ලබන 23 වැනිදා ඔහු දකුණු කොරියානු සංචාරය ආරම්භ කිරීමට නියමිතයි.
ජපානය සහ දකුණු කොරියාව අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අවස්ථාවක අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ගේ මෙම සංචාරය සිදුවීම විශේෂත්වයක්.