20යි 20 සංචිතයට දෝනි නෑ

20යි 20 සංචිතයට දෝනි නෑ

July 21, 2019   06:27 pm

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා සහභාගී වන ඉන්දීය සංචිතය නම් කර ඇත.

විරාත් කෝලීගේ නායකත්වයෙන් යුත් ටෙස්ට්, එක්දින සහ 20/20 සංචිත සඳහා මහේන්ද්‍ර සිං දෝනි ඇතුළත් කර නොමැති අතර හර්දික් පාන්ඩ්යා විවේක ගැන්වීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ජස්ප්‍රිට් බුම්රාහ් ටෙස්ට් තරගාවලිය සදහා පමණක් ඇතුළත් කර තිබේ.

ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගාවලිය ලබන අගෝස්තු මස 3 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එය ටෙස්ට් තරග 2කින් එක්දින තරග 3කින් සහ 20/20 තරග 3කින් සමන්විතයි.