සත්විරු අභිමන් 2019 හෙට

සත්විරු අභිමන් 2019 හෙට

July 21, 2019   05:54 pm

30 වසරකට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය අවසන් කළ විරෝධාර රණවිරුවන් වෙනුවෙන් සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ “සත්විරු අභිමන් 2019” උත්සවය හෙට (22) පැවැත් වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී හෙට පස්වරුවේ එම උත්සවය පැවැත්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මෙම උත්සවයේ දී ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් හා රණවිරු දරුවන් 1504 දෙනෙකු වෙනුවෙන් ප්‍රතිලාභ ලබාදීම සිදුකිරීමට නියමිතයි.