අනිවාර්ය බෝග 6කට වන්දි

අනිවාර්ය බෝග 6කට වන්දි

July 21, 2019   05:16 pm

2018 වසරේ යල කන්නයේ වගා හානි සඳහා වන්දි ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 556ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ වී, බඩ ඉරිඟු, ලොකු ළූණු, අර්තාපල්, සෝයා, අමු මිරිස් ඇතුළු අනිවාර්ය බෝග 06ක් සඳහා මෙම වන්දි ලබාදීමට නියමිත බවයි.

ගංවතුර, නියඟය වැනි ස්වභාවික විපත්වලින් මෙන්ම වන අලින් විසින් සිදුකළ හානි සඳහා ද වන්දි මුදල් ලබාදීම සිදුවන බව පී.හැරිසන් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
2018 වසරේදී දිවයින පුරා වගා අක්කර 23,605ක් හානි වී ඇති අතර ගොවීන් 20,113 දෙනෙකු වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට නියමිත බව අනුරාධපුර ප්‍රදේශයේ පැවති ගොවි හමුවක දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා හානි සිදුවූ ගොවීන් 2750 දෙනෙකු සඳහා වන්දි ලබාදීමේ කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 2 වැනිදා සිදුකිරීමට නියමිත බව පී.හැරිසන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.