අම්මලා දන්නේ නෑ ගර්භාෂයේ හානි වුණ කොටස්-සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාව නොමඟ යවනවා

අම්මලා දන්නේ නෑ ගර්භාෂයේ හානි වුණ කොටස්-සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාව නොමඟ යවනවා

July 20, 2019   08:41 pm

වන්ද්‍යාකරණයට ලක් කර ඇතැයි චෝදනා කළ කිසිදු මවක් මේ වන තෙක් කොළඹ කාසල් රෝහලට හෝ සොයිසා කාන්තා රෝහලට පැමිණ නියමිත පරීක්ෂාව සිදුකරගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් ප්‍රකාශ කිරීම ජනතාව නොමග යැවීමක් බව වන්ද්‍යාකරණයට ලක්ව ඇති මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පවසයි.

කෙසේ වෙතත් අද (20) පැවති මාධ්‍ය හමුවදී නීතීඥවරා පෙන්වා දුන්නේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් එම කොළඹ කාසල් හා සොයිසා කාන්තා රෝහල්වල සිදුකරන HSG පරීක්ෂණ මේවනවිට අත්හිටුවා ඇති බවයි.

ලීගල් ඇක්ෂන් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ චාරක අබේවික්‍රම මහතා මේ පිළිබඳව පහත පරිදි අදහස් දැක්වීය.

"මව්වරුන් දන්නේ නෑ ගර්භාෂය ආශ්‍රිත පද්ධතියේ කුමන කොටසටද හානි සිදුවෙලා තියෙන්නේ කියලා.

ප්‍රධාන වශයෙන් ගර්භාෂය, පැලෝපීය නාලය, ඩිම්බ කෝෂය
මේ අංගයන් තුනේ ඕනෑම තැනකට හානි කර මව්වරු වන්ද්‍යාකරණය කළ හැකියි.

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාගේ විමර්ශන අතුරු වාර්තාවේ පැහැදිලිව දක්වා තිබෙනවා මෙය HSG පරීක්ෂණයෙන් පමණක් සොයාගත හැකි තත්ත්වයක් නොවන බව.

මේ සඳහා ඔහුගේ නිර්දේශය වුණේ  නවීන තාක්ෂණයෙන් මුළු පද්ධතියම පරීක්ෂා කිරීමයි.

ඒ අනුව මුල් අවධියේම HSG පරීක්ෂණය නවත්වන්න මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අපට සැකයක් මතු වුණා මෙම අපරාධය සිදු වී ඇත්තේ පැලෝපීය නාලය හරහා නොවන බවට.

මහේස්ත්‍රාත්වරා CID යට නියෝග කළාවිශේෂඥ කමිටුවේ ක්‍රියාකාරීත්වය නවත්වන්න.

අධිකරණයට උපදෙස් ලබා දීමට කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති නියෝග කළා මහාචාර්යවරු 5කගෙන් සමන්විත කමිටුවකින්මේ ගැන තීරණ ගත යුතු බව.

මේ කාරණාව හරිහැටි නොදැන සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් ජනතාව නොමග යවනවා."