බදුලු ඔයට මුදාහරින බදුල්ල නගර සභාවේ මළ

බදුලු ඔයට මුදාහරින බදුල්ල නගර සභාවේ මළ

July 20, 2019   07:15 pm

බදුල්ල නගර සභාව අවස්ථා රැසකදී මළ අපද්‍රව්‍ය බදුලු ඔයට මුදාහරින ආකාරය අද දෙරණ උකුස්සා අවස්ථා රැසකදී  අනාවරණ කළේය.

එම අවස්ථාවලදී පමණක් නැවතුණු එය වෙනත් මුහුණුවරකින් යළි ක්‍රියාත්මක වන බව අනාවරණය වී ඇත.

බදුල්ල නගරයේ ඇති ප්‍රධාන වැසිකිළිය පිහිටි බදුල්ල බස්නැවතුම් පලෙහි ඇති පොදු වැසිකිලියේ මළ අපද්‍රව්‍ය කිසිදු හිරිකිතයකින් තොරව මුදාහිරන ආකාරය අපට දැකගත හැකි විය.

තවදුරටත් සිදුකළ සොයාබැලීමේදී උකුස්සාට දැකගත හැකිවුණේ නගරයේ ප්‍රධාන කාණු පද්ධතියට එම මල අපද්‍රව්‍ය බැහැර කරන අයුරුයි.

එම කාණු පද්ධතියේ ඇති මල අපද්‍රව්‍යය ද අවසානයේ එකතු වන්නේ බදුලු ඔයටයි.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් උකුස්සා සිදු කළ ගවේෂණයේදී අනාවරණ වුණේ වැසිකිළි පද්ධතියේ ඇති මල අපද්‍රව්‍ය එළිපිටම මෙම කාණු පද්ධතියට එක්කරන බවයි.

එමෙන්ම බදු කාලය අවසන් වී තිබියදීත් මෙම පිරිස විසින් වැසිකිළි පද්ධතියේ පරිපාලන කටයුතු  සිදු කරගෙන යන බවද එහිදී අනාවරණ වුණි.

බලධාරීන්ට විශාල වැටුප් දී උසස් තනතුරුවල තබන්නේ මෙවැනි අමනෝන්‍ය සැළසුම් ක්‍රියාත්මක කිරීමට ද?

ජනතාවට විශාල සෞඛ්‍ය ගැටලු මතුකරන මේ ගැටලුවට විසඳුම් දෙන තෙක් අද දෙරණ උකුස්සා සීරුවෙන්.