වන ජීවී කළමනාකරණ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය
July 20, 2019 02:51 pm
කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා සහ පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් වනජීවි අඩවි නිලධාරීන්ට පවත්වන ලද වනජීවී කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්වුණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා සහ පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජී අඩවි නිලධාරීන් හට පවත්වන ලද දසමස පූර්ණ කාලීන වනජීවී කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය එහි උපකුලපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙහිදී එක් අනුස්මරණ රන් පදක්කමක් ශ්‍රී ලංකාවේ වනජීවී දෙපාර්තමේන්තුවේ පළමු වනජීවී පාලක වන C W නිකලස් මහතා සිහිකිරීම කිරීම සඳහාත් අනුස්මරණ රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් තම ජීවිත කැපකළ වනජීවී නිලධාරීන් වන H K C කුමාරසිංහ සහ K මන්සූර් මහත්වරු සිහිකිරීම සඳහා පිළිගන්වනු ලැබුවේය.