තොටලඟ කුඩු එළියට එන හැටි

තොටලඟ කුඩු එළියට එන හැටි

July 16, 2019   07:35 pm

කොළඹ තොටළඟ මෝදර උයන නිවාස සංකීර්ණය අසළ සිදුකෙරෙන මත්කුඩු ජාවාරමක තොරතුරු පසුගියදා අනාවරණ විය.

එම ඔත්තුවට අනුව අද දෙරණ උකුස්සා මේ ප්‍රදේශයේ සැරිසරන්නේ, සුරාබදු නිලධාරීන්ගේ ද සහාය ඇතිවයි. 

ජීවිත අවධානමද නොතකා අප තොටලග ප්‍රදේශයේ දහවල් කාලයේ පමණක් නොව රාත්‍රී කාලයේදී නිරීක්ෂණයේ නිරත විය.

අවසානයේ කොළඹ සුරාබදු විශේෂ වැටලීම් ඒකකයේ නිළධාරීන් සමග ජාවාරම්කරුවන් අනාවරණ කරගැනීමට අපට හැකි වෙයි.

මොහු මත්කුඩු බෙදාහරින පුද්ගලයෙක්. 

දුඹුරු පැහැති ටී ෂර්ටයකින් සැරසී සිටින මොහු දෛනිකව මත්කුඩු පැකට් විශාල ප්‍රමාණයක් මෙලෙස ප්‍රදේශයේ නියෝජිතයින්ට  බෙදාහරිනු ලබයි.

එම මත්කුඩු පැකට් මේ පුද්ගලයා එහා මෙහා ගෙනයන්නේ කට තුළ දමාගෙනයි.

මේ පුද්ගලයාගේ පැමිණීම දන්නා මත්ලෝලීන් මෝදර උයන නිවාස සංකීර්ණයේ මේ රහසිගත ස්ථානයට ඉක්මණින් රැස්වෙයි.
 
මස්වැදැල්ලකට පොරකන ගිජු ලිහිණියන් මෙන් මත්ලෝලීන් කුඩු මිලදී ගන්නා ආකාරය ද දක්නට ලැබෙයි.

දර්ශන පටිගත කිරීමෙන් මිනිත්තු කිහිපයක් ගත්වෙද්දී ප්‍රදේශයේ ප්‍රධානම ජාවාරම්කාරිය අපට ඇමතුමක් ලබා දෙයි.

ඇය උකුස්සා සමඟ පවසන්නේ කුමක් ද ?

මේ පිළිබඳ තොරතුරු හෙට අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සූදානම්.