තිරිඟු පිටි මිල වැඩි කිරීම නීති විරෝධීයි-පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය

තිරිඟු පිටි මිල වැඩි කිරීම නීති විරෝධීයි-පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය

July 16, 2019   03:58 pm

තිරිගු පිටි ආනයනය කරනු ලබන සමාගම් විසින් තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8 කින් වැඩි කර තිබීම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමට හැකියාවක් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති රංජිත් විතානගේ මහතා මේ බව පවසා තිබේ.

රජය බලයට පත් වූ විගස තිරිගු පිටි මිල අඩු කරමින් වතුකරයේ ජනතාව දෛනිකව තම ආහාර සදහා තිරිගුපිටි භාවිතා කරන බැවන් එසේ මිල අඩු කල බව පැවසු බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් තිරිගුපිටි මිල සමාගම්වලට අවශ්‍ය ආකාරයට සංශෝධනය කල නොහැකි බව ද ඒ මහතා පෙන්වා දෙයි. 

ඊට හේතුව තිරිගු පිටි අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස හඳුන්වමින් පාරිභෝගික කටයුතු අධිකාරිය 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ 20(5) වගන්තිය යටතේ  2019 ජූලි 14 වනදා ගැසට්පත් අංක  1975/68 යටතේ තිරිගු පිටි කිලෝ එකක් සඳහා රුපියල් 87.00 ක පාලන මිලක් නියම කර තිබීම බව ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් පෙන්වා දී තිබේ. 

පාරිභෝගික කටයුතු අධිකාරිය භාර අමාත්‍යවරයා වන බුද්ධික පතිරණ ඇමතිවරයාගෙන් තිරිගු පිටි වැඩි මිලට අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින්හට නීතිය ක්‍රියාත්මක  කරන ලෙස ද මොවුන් ඉල්ලා සිටියී.