කැඩීබිදී ගිය ධීවර යාත්‍රා වෙරළෙන් ඉවතට

කැඩීබිදී ගිය ධීවර යාත්‍රා වෙරළෙන් ඉවතට

July 11, 2019   11:02 pm

පාරිසරික හානියට මෙන්ම උත්ගතවී ඇති ඩෙංගු උවදුරටත් පිළියමක් ලෙසත් වෙරළ වටා ඇති කැඩීබිදී ගිය බහුදින යාත්‍රා මේ වසර නිම වෙන්නට පෙර වෙරළ තීරයෙන් ඉවත් කරන ලෙස අමාත්‍යරයා විසින් අදාළ නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

අමාත්‍යංශයේ පැවති ප්‍රගතිසාමාලෝචන රැස්වීමෙදී  අමාත්‍යරයා විසින් අදාළ නිලධාරීන් වෙත ලබා දී  ඇත.

මෙලෙස භාවිතයෙන්  ඉවත් කරන ලද බහුදින ධීවර යාත්‍රා ගැබුරු මුහුදේ ගිල්වා මත්ස්‍ය ඒකරාශී ඇටවුම් සකස්කරන ලෙසත් මෙමගින් මත්ස්‍ය සම්පත වරධනයට මෙන්ම පාරිසරික හානිය අවම කිරීමටත්  හැකියාවක් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

භාවිතයෙන් ඉවත්කල බහුදින ධීවර යාත්‍රා ඉවත් කිරීම මගින් වරාය පරිශ්‍රයේ ඉඩපහසුකම් ලබාගැනීම සමගම නොදිරන අපද්‍රව්‍යක් වශයෙන් පවතින ෆයිබර් ග්ලාස් පරිසරයට මුදා හැරීමෙන් වන පාරිසරික හානිය අවම කරගත හැකි බව අමාත්‍යවරයා පැවසීය.

මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශයට පත් කොරල්පර වැනි පරිසර පද්ධති වෙනුවට විකල්ප පරිසර පද්ධති ඇතිකිරීමෙන් මත්ස්‍ය අභිජනන ස්ථාන වැඩිකිරීම තුලින මත්ස්‍ය ගහන වැඩි කිරීමත් මෙමගින් තමන් අපෙක්ශා කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කලේය.

 මෙම අවස්ථාවේදී සමුද්‍ර ශක්ති රක්ෂණ වන්දි පිරිනැමීක්ද අමාත්‍යාංශයේදී අමාත්‍යවරයාගේ ප්‍රධානයෙන් සිදුකෙරිනි. 

සමුද්‍ර ශක්ති රක්ෂණය යටතේ ස්වාභාවික මරණයකදී ධීවරයෙකු හට රුපියල් දෙලක්ෂ පනස්දහසක්ද දියඹට ගොස් සිදුවන හදිසි අනතුරකදී ධීවරයා මියගිය හොත් රපියල් ලක්ෂ දොලහක වන්දියක්ද පිරිනැමෙන අතර ධීවරයන් තිස්හතර දහසක් මේ වෙනුවෙන් ලියාපදිංචිවී ඇත.