බලපත්‍ර රහිත දැව තොගයක් සමඟ 09 දෙනෙකු අත්අඩංගුවට
July 11, 2019 10:27 pm
වවුනියාව, පුලියන්කුලම පොලීසිය පසුගිය දින තුනක කාලය තුළදී සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී බලපත්‍ර රහිතව දැව ප්‍රවාහනය කළ වාහන තුනක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම පොලීසිය පවසයි.
පුලියන්කුලම පොලීසිය පැවසූවේ පුලියන්කුලම නොච්චිකුලම, පුදුර් හා මරසන්කුලම ප්රදේශයන්ගේ සිදුකළ වැටලීම්වලදී රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා බුරුත හා තේක්ක දැව සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
විශාල ප්‍රමාණය පසුපස ආවරණය කළ ලොරි රථයක්, කැබ් රථයක් හා කුඩා ලොරි රථයක් යොදාගෙන බුරුත දැව කඳන් 35 ක් හා තේක්ක දැව කඳන් 15 ක් සමඟ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් පුලියන්කුලම හා නෙඩුන්කේනි රක්ෂිතයන්ගේ දැව කපා වවුනියාව හා යාපනය ප්රදේශයන්ගේ වඩු මඩු වෙත ප්‍රවාහනය කරන ජාවාරම සිදුකොට ඇති බවද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාගේ නියෝග යටතේ පුලියන්කුලම කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාගේ අධික්ෂණයෙන්, පුලියන්කුලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුපුන් විතානගේ මහතාගේ මෙහෙයවීම යටතේ, පොලිස් සැරයන් රත්නායක, පොලිස් කොස්තාපල්වරුන් වන ජයසූරිය, දිසානායක, අත්තනායක හා පොලිස් කොස්තාපල් රියදුරු සේනාරත්න යන නිළධාරීන් මෙහෙයුම් සිදුකරනු ලැබීය.