ඕස්ට්‍රේලියානු සිහිනය බොඳ කරමින් එංගලන්තය අවසන් මහා තරගයට
July 11, 2019 10:02 pm
ප්‍රභල ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණි.
ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එරෙහිව එංගලන්ත කණ්ඩායම විසින් කඩුළු 8ක ජයක් වාර්තා කරමින්ය.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය ඕස්ට්‍රේලියා සහ එංගලන්තය කණ්ඩායම අතර අද බර්මින්හැම් හිදි පැවැත්විය.
ඒ අනුව මෙම තරගය ජයගත් එංගලන්ත කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමඟ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබයි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 14 වැනිදා ලෝඩ්ස් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.