මාර්ගයක් අසල තිබී ජීවි අත්බෝම්බයක් හමුවෙයි
July 11, 2019 09:51 pm
මාතර-කොටපොල ප්රධාන මාර්ගයේ මුලටියන රක්ෂිතය අසල තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට මාවරල පොලීසිය සමත්ව තිබේ.
අද(11) පස්වරුවේ මෙම ජීව අත්බෝම්බය සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.
ගොම්බද්දල ප්රදේශයේ මංගල උත්සවයකට සහභාගී වූ පිරිසක් ආපසු සිය නිවෙස් බලා යන අතරමඟදී අදාළ ස්ථානයේ තබූ මෙම ජීව අත්බෝම්බය දැක ඇති අතර ඒ බව 119 ඔස්සේ පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත දැනුම්දී තිබේ.
ඒ අනුව මාවරල පොලීසිය එම ස්ථානයට පැමිණ ආරක්ෂිත අයුරින් පවතින බවට නිරීක්ෂණය වන මෙම අත් බෝම්බය නිශ්ක්රිය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත දැනුම්දී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මාවරල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.