ෂාෆිට එරෙහිව මව්වරු සමඟ රතන හිමිත් පා ගමනක

ෂාෆිට එරෙහිව මව්වරු සමඟ රතන හිමිත් පා ගමනක

July 11, 2019   06:37 pm

ෂාෆි වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කම් සිදුකරගත් මව්වරුන් රැසක් අද (11) දින අධිකරණ පරිශ්‍රය වෙත පැමිණ සිටි අතර ඔවුන්ගේ පා ගමන ආරම්භ වූයේ කුරුණෑගල ඇත්කඳ විහාරය අසලිනි.

මෙම පා ගමනට පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ඊට එක්ව සිටියේය.

එහිදී අදහස් දක්වමින් රතන හිමි ප්‍රකාශ කළ සිටියේ මෙම වෛද්‍යවරයා සහරාන්ට වඩා දරුණු අපරාධකාරයෙකු නමුත් මේ පිළිබඳව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සාධාරණ මැදිහත්වීමක් සිදු නොකළ බවත්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පෙනී සිටින්නේ ෂාෆි වෛද්‍යවරයා වෙනුවෙන් බවත් ඔහුට විරුද්ධ ප්‍රමාණවත් සාක්ෂි ප්‍රමාණවත් තරම් තිබියදීත් මෙම සිදුවීම යටපත් කර ෂාෆි වෛද්‍යවරයා නිදොස් කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් රතන හිමි ප්‍රකාශ කලේය.

පා ගමනින් ආ පිරිස ෂාෆි වෛද්‍යවරයාට එරෙහි නඩු විභාගය ආරම්භ වන අවස්ථාව වන විට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය වෙත ළඟා වුණි.