තනියෙන් ඉල්ලුවත් අපිට දිනන්න පුළුවන්-දිලුම්

තනියෙන් ඉල්ලුවත් අපිට දිනන්න පුළුවන්-දිලුම්

July 11, 2019   05:34 pm

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව අපේක්ෂකයෙක් ඉදිරිපත් කළද ජයග්‍රහණය කළ හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

ආණ්ඩුව අපහසුතාවයන්ට පත් වූ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට සහය වූ අතර දින පනස්දෙකේ මහින්ද රාජපක්ෂ රජය කාලය තුල ඔවුන්ගේ හැසිරීම ඊට හොඳම උදාහරණයක් බව මෙම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම මහතා පෙන්වා දුන්නේය.

අද (11) පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වු කාංචන විජේරත්න මහතා සඳහන් කලේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනා ජනතා විමුක්ති පෙරමුණට මින් ඉදිරියට ආණ්ඩුවේ කිසිදු ක්‍රියාවකට සහයෝගය දීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

පසුගිය වසර හතරහමාරක කාලය තුල ආණ්ඩුව රැක ගැනීමට උර දුන් සෑම පාර්ශවයක්ම ආණ්ඩුවට එරෙහි මාවතකට ගෙන ඒමට හැකි වීම පොදු ජන පෙරමුණේ ජයග්‍රහණයක් බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක බවයි.