මාකෝ කුමරිය නිල සංචාරයක
සයුරෙන් එතෙර

මාකෝ කුමරිය නිල සංචාරයක

July 11, 2019   04:19 pm

ජපානයේ මාකෝ කුමරිය පේරු රාජ්‍යයේ සංචාරයකට සහභාගි වී සිටියි.

ඇය එහිදී එරට සිටින ජපන් ජාතිකයන් හමුවීමටත් කටයුතු කළේය.

ජපන් ජාතිකයන් පේරු රාජ්‍යයට සංක්‍රමණය වීම ආරම්භ කර මේ වර්ෂයට අවුරුදු 120ක් සම්පූර්ණ වෙයි.

එම සංවත්සරයට සමගාමීව මාකෝ කුමරිය එරට සංචාරය කරයි.

සංචාරය අතරතුරදී මාකෝ කුමරිය එරට වෙසෙන ජපන් ජාතිකයන් හමුවුණි.

එමෙන්ම ඇය එහිදී විශේෂ අවස්ථා කිහිපයකටත් සහභාගි වී ඇත.

එහිදී මාකෝ කුමරිය ජපන් සංක්‍රමණිකයන් සිය රටට පිළිගැනීම පිළිබඳව පේරු ජාතිකයන්ට සිය ස්තූතිය පල කර ඇත.

පේරු රාජ්‍යය ජපන් ජාතිකයන් වැඩි වශයෙන් සංක්‍රමණය වන රටවල් අතරින් එකකි.

එමෙන්ම පේරු පුරවැසිභාවය ලැබූ ජපන් ජාතිකයන් ලක්ෂයක් පමණ එරට සිටින බවටද බලධාරීන් ගණන් බලා ඇත.