ගම පුරා ගිය හාල් හොරා-CCTV දර්ශන සහිතයි

ගම පුරා ගිය හාල් හොරා-CCTV දර්ශන සහිතයි

July 11, 2019   11:16 am

නිට්ටඹුව, උණගහදෙණිය ප්‍රදේශයේ වෙළඳ සැලක දොර ආසන්නයේ තිබු හාල් ගෝනියක් පසුගිය 5 වන දා යම් පුද්ගලයෙක් විසින් හොරකම් කර තිබේ.

මෙය ආසන්නතම සිදුවීම වුවත් වෙළඳ සැල් හිමියා විසින් පසුව කළ සෝදිසියක දී මීට පෙර අවස්ථාවක ද එම පුද්ගලයා යතුරුපැදියකින් පැමිණ හාල් ගෝනියක් රැගෙන යන අයුරු දක්නට ලැබී තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී තවත් හාල් ගෝනියක් එම යතුරු පැදියේ ගැට ගසා තිබෙන ආකාරය ද සී.සී.ටීවි දර්ශනවල ඇතුළත් වෙයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වෙළඳ සැල් හිමියා විසින් නිට්ටඹුව පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

සී.සී.ටීවි දර්ශනවල ඉතා පැහැදිලි ලෙස මෙම සැකකරුගේ යතුරු පැදියේ අංකය සඳහන්ව තිබෙන බවත් වෙළඳ සැල් හිමියා පවසයි.

කෙසේ වෙතත් එම තොරතුරු මත නිට්ටඹුව පොලීසිය පරීක්ෂණ පැවැත්තුව ද මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී නොමැත.

අංක තහඩුවේ සඳහන් තොරතුරු මත පරීක්ෂණ සිදු කිරීමේ දී අදාළ ලිපිනයේ කිසිදු අයෙක් නොමැති පාළු නිවසක් බවද  අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.