ජීවිතය අයඳින පුංචි නෙහංසාගේ අනුවේදනීය කථාව
July 10, 2019 12:02 pm
කුඩා මොළයේ කොටසක් අඩුවීම හේතුවෙන් පීඩා විදින වසර දෙකක් වයසැති දියණියකගේ අනුවේදනීය කථාවක් මාතර මාවරල ප්‍රදේශයෙන් අද දෙරණට වාර්තා විය.
මෙලෙස රෝගාතුරව පසුවන්නේ විහාරගෙවත්ත, ගොමිල මාවලරල ලිපිනයේ පදිංචි ජී.ජී. නෙහංසා පැහැසරණි සිඟිති දියණියයි.
ඇයගේ මව වන එච්.ඒ.ජී. චතුරිකා කුමාරි මහත්මිය පවසන්නේ සිය දෙවැනි දරුවා ගේ මොලයේ කොටසක් අඩුවීම හේතුවෙන් ස්නායු, හෘද, ආමාශ, සහ ස්වසන රෝගවලින් පෙලෙන බව වෛද්‍යවරුන් පවසා ඇති බවයි.
දරුවාට දියර වර්ග බටයක ආධාරයෙන් ආහාර ලෙස ලබා දෙන අතර, මාසයකට හය වතාවක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සායන වෙත රැගෙන යන බවත් මව සඳහන් කරයි.
එම ගමනේදී අතර මඟ දී දරුවාට ආහාර ලබා දීමේ පහසුව සලසාගෙන යා යුත්තේ ත්‍රිරෝද රථයකින් බැවින් ඒ සඳහා එක් ගමන් වාරයකට රුපියල් 3000ක් වැය වන බවත්, ඖෂධවලට රුපියල් 5000ක් පමණ හා පිටි පැකට් එකක් මිලදී ගැනීමට රු 1000ක් වැය වන බවත් ඇය වැඩිදුරටත් පැවසිය.
සිය සැමියාට හරි හැටි රැකියාවක්ද නොමැති අතර, වැඩිමහල් දියණිය 2 වන වසරේ ඉගෙනුම ලබයි.
හරියාකාර නිවසක්ද නොමැති තමන් මේ වන විට සිය දෙමාපියන්ගේ නිවසේ වාසය කරන බව ද දරුවාගේ මව වන චතුරිකා හැඬු කඳුලින් අද දෙරණට පැවසීය.
අසරණ තමන්ට රජයෙන් කිසිදු සහනාධාරයක් හෝ සමෘද්ධි දීමනාව මෙතෙක් ලබා දී නොමැති බවද නෙහංසාගේ මව අප සමඟ කියා සිටියේය.
දරුවා සුවකරගන්නට හැකි අවස්ථාවක් හෝ මේ තත්ත්වයෙන් දරුවා ජීවත් කරවන්නට සිඟිත්තියගේ දෙමව්පියන් උදව් කල හැකි ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නෙහංසාට පිළිසරණක් වෙන්න ඔබටත් අවැසි නම් පහත දුරකථන අංකයට අමතන්න.
දුරකථන අංකය - 0766343911