නූතන පන්නයේ වන විනාශයක්  ගැන අනාවරණක්

නූතන පන්නයේ වන විනාශයක්  ගැන අනාවරණක්

July 5, 2019   07:24 am

නූතන පන්නයේ වන විනාශයක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගිය සෙනසුරාදා රටහමුවේ තොරතුරු අනාවරණ කළේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ මහවැලි අධිකාරියේ නිලධාරීන් කැකිරාව ප්‍රදේශයේ පැළ තවානකට සැක කටයුතු ලෙස රැගෙන ආ පැළෑටි දහසකට අධික සංඛ්‍යාවක් සොයා ගෙන තිබේ.

කැකිරාව ඇලගමුව වැව් රක්ෂිතයේ කලකපටන් සිදු කෙරුණු ශාක පැලෑටි ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගිය මස විසි නව වැනිදා රට හමුවේ අනාවරණ කළේය.

එහිදී අනාවරණ වුණේ රාත්‍රී කාලයේදී මෙහි ඇති වටිනා ශාක පැලෑටි පිරිසක් විසින් රහසිගතව උගුලාගෙන යන ආකාරයතය.

ඒ අනුව ක්‍රියාත්මක වූ මහවැලි අධිකාරියේ නිලධාරීන් විසින් මෙම කූට ක්‍රියාව සම්බන්ධයෙන් කැකිරාව පොලිසියට පැමිණිල්ක් ඉදිරිපත් කර අනතුරුව මෙම පැල උගුලා ඇති ප්‍රදේශයේ නිරීක්ෂණයකට ද සහභාගී වුණි.

අනතුරුව ඔවුන් විසින් කැකිරාව පොලිසියේ නිලධාරීන් පිරිසක් සමග ප්‍රදේශයේ පිහිටි පැල තවානක් පරීක්ෂා කළ අතර එහි තිබී සැක සහිත අයුරින් රැගෙන ආ වටිනා ශාක පලෑටි දහසකට ආසන්න ප්‍රමාණයක් සොයාගත් අතර එම පැල තොගය පොලීසිය විසින් සිය භාරගයට ගනු ලැබුවේය.

ඉදිරියේදීත් මෙවැනි විනාශයන් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා අවධානයෙන්.