උකුස්සා කළ අනාවරණයෙන් තවත් ජාවාරමකට තිත

උකුස්සා කළ අනාවරණයෙන් තවත් ජාවාරමකට තිත

July 3, 2019   07:46 pm

නූතන පන්නයේ වන විනාශයක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගිය සෙනසුරාදා (29) රටහමුවේ තොරතුරු අනාවරණ කළේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ මහවැලි අධිකාරියේ නිලධාරීන් කැකිරාව ප්‍රදේශයේ පැළ තවානකට සැක කටයුතු ලෙස රැගෙන ආ පැළෑටි දහසකට අධික සංඛ්‍යාවක් සොයාගත්තේය.‍

කැකිරාව ඇලගමුව වැව් රක්ෂිතයේ කලකපටන් සිදු කෙරුණු ශාක පැලෑටි ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගිය මස විසි නව වැනිදා රට හමුවේ අනාවරණ කළේය.

එහිදී අනාවරණ වුණේ රාත්‍රී කාලයේදී මෙහි ඇති වටිනා ශාක පැලෑටි පිරිසක් විසින් රහසිගතව උගුලාගෙන යන ආකාරයතය.

ඒ අනුව ක්‍රියාත්මක වූ මහවැලි අධිකාරියේ නිලධාරීන් විසින් මෙම කූඨ ක්‍රියාව සම්බන්ධයෙන් කැකිරාව පොලිසියට පැමිණිල්ක් ඉදිරිපත් කර අනතුරුව මෙම පැල උගුලා ඇති ප්‍රදේශයේ නිරීක්ෂණයකට ද සහභාගී විය.

අනතුරුව ඔවුන් විසින් කැකිරාව පොලිසියේ නිලධාරීන් පිරිසක් සමඟ ප්‍රදේශයේ පිහිටි පැල තවානක් පරීක්ෂා කළ අතර එහි තිබී සැක සහිත අයුරින් රැගෙන ආ වටිනා ශාක පලෑටි දහසකට ආසන්න ප්‍රමාණයක් සොයාගත් අතර එම පැල තොගය පොලිසිය විසින් සිය භාරගයට ගනු ලැබීය.

ඉදිරියේදීත් මෙවැනි විනාශයන් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා අවධානයෙන්.