ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීමට ලැබීම ආඩම්බරයක්

ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීමට ලැබීම ආඩම්බරයක්

June 19, 2019   08:13 am

මෙරට ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීමට ලැබීම ආඩම්බරයට කරුණක් බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත උදාගම්මාන දෙකක් සඳහා මුල්ගල තැබීමට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

සැමට සෙවණ - යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට කෑලියපුර ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත 2499 වන සහ 2500 වන උදාගම්මාන වන සිරිසුමංගලනාහිමිගම හා සිරි සඝබෝගම උදාගම්මාන සඳහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් මුල්ගල තැබුණි.