කේරළ ගංජා කිලෝ 60ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 60ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

June 19, 2019   07:29 am

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ගෙවත්තක සඟවා තිබු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 ඊයේ (18)  යාපනය වැල්වැටිතුරෙයි පොලිසියට ලද තොරතුරක් මත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදී අදාළ ගංජා තොගය සොයා ගෙන තිබේ.

සොයාගත් ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙනවිත් මෙරට බෙදාහැරීමට සුදානම්ව තිබු බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.