ගිලන් රථයේ ගැටී පස් දරු පියා ජීවිතක්ෂයට

ගිලන් රථයේ ගැටී පස් දරු පියා ජීවිතක්ෂයට

June 18, 2019   09:50 pm

ඇල්පිටිය ඌරගස්මංහන්දියේදි ගිලන් රථයක පාපැදිකරුවෙකු ගැටීමෙන් පාපැදි කරු බරපතළ තුවාල ලබා තිබේ.

පසුව ඔහුව බලපිටිය රෝහලට ගෙනයන අතර තුරදි තුවාලකරු මියගොස් ඇති බව ඌරගස්මංහන්දිය පොලීසිය පවසයි.

අහුන්ගල්ල පොලීසියට අනුයුක්ක ගිලන් රථය රෝගියකු රැගෙන ඒමට අද(18) දහවල් ඌරගස්මංහන්දියට යන අතරතුර මෙම අනතුර සිදුව තිබේ. 

සුවසැරිය ගිලන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ෂණ ඌරගස්මංහන්දිය පොලීසිය සිදුකරයි. 

ඌරගස්මංහන්දිය කොස්ගොඩ මාර්ගයෙදි මෙම අනතුර සිදුව තිබේ. 

අනතුරෙන් මියගොස් ඇත්තේ පස්දරු පියකුවන 59 හැවිරිදි ඌරගස්මංහන්දිය, ලේනගල් පලාතේ පදිංචි පෙදරේරුවෙකි.