පාස්කු ප්රහාරය ගැන වහාම වාර්තාවක් දෙන්න-නීතිපති වැඩබලන පොලිස්පතිට දන්වයි
June 18, 2019 09:34 pm
පාස්කු ඉරිදා ප්රහාරය මෙන්ම සයින්දමරුදු සිද්ධියේ ජාතික තව්හීද් ජමාත් සංවිධාන ක්රියාකාරකම් සහ මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීම් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්රස්ත විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශනවල වාර්තාවක් නොපමාව ලබා දෙන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.
තහනම් සංවිධාන ලෙස ප්රකාශයට පත් කෙරුණු ජමාතේ මිලාතේ ඊබ්රාහීම් සංවිධානය සහ වියලාත් අස් සෙයිලානි සංවිධානවල සාමාජිකයන් පිළිබඳ විමර්ශන ආරම්භ කරන ලෙසත් නීතිපතිවරයා,වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.