සක්විතිට එරෙහිව නීතිපති ගොනුකළ නඩු විභාගයට දින තීන්දුයි

සක්විතිට එරෙහිව නීතිපති ගොනුකළ නඩු විභාගයට දින තීන්දුයි

June 18, 2019   08:41 pm

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව  මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් ඔක්තෝබර් මස 23 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (18) නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබුවේය.

එම අවස්ථාවේ මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදා හැරිය සිටින සක්විති රණසිංහ සහ කුමාරි අනුරාධිනී යන විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මහේන්ද්‍රන් මහතා මෙම නඩුව ඔක්තෝබර් මස 23 වන දා විභාගය සඳහා නියම කරනු ලැබුවේය.

එමෙන්ම සක්විති රණසිංහ නැමති විත්තිකරුගේ ඇපකරුවන් පිළිබඳව වාර්තාවක් ලබන 26 වන අධිකරණය හමුවේ පෙනී සිට ඉදිරිපත් කරන මෙන්ද මහාධිකරණ විනිසුරුවරයා රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව සක්විති හවුසිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් නැමැති සමාගමක් පවත්වාගෙන යාම තුළින් දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු කර තිබේ.