තිස්සමහාරාමේ බිළිඳෙක් බඩගින්නේ මිය යයි
June 18, 2019 07:35 pm
අප රට තුළ කුසගින්නේ දරුවෙකු මියයන්නේ එය කොතෙක් අභාග්‍ය සම්මන්න සිදුවීමක් ද? එවැනි පුවතක් අද දෙරණට වාර්තා වන්නේ තිස්සමහරාම ප්‍රදේශයෙනි.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා කියා සිටියේ, කන්න නැතුව දරුවෙකු මිය ගිය ගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇති බවයි.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගේ මෙම ප්‍රකාශය අනුව ආහාර නොමැතිව මියගිය දරුවාගේ පවුලේ ඥාතීන් සොයා අද (18) දෙරණ තිස්සමහාරාම විජයපුර ගෝනගමුව ග්‍රාමය වෙත පැමිණියේය.
මෙලෙස මිය ගිය මාස 11ක් වයසැති මලිත් මිහිරංග කුඩා දරුවායි.
පුංචි මලිත් සිය මව පියා සහ සහෝදර සහෝදරියන් තිදෙනා සමග මේ කුඩා නිවසේ ගත කළ ඉතා කෙටිකාලය තුළ දරුවෙකුට අවශ්‍යකරන නිසි පෝෂ්‍යදායී ආහාරවේලක් තියා කුස ගින්නට ප්‍රමාණවත් ආහාර වේලක් ලැබුණේ ද ඉතාමත් කලාතුරකින්.
දරුවාට මන්ද පෝෂණය ඇති බව වෛද්‍යවරුනුත් පැවසු බව කියා සිටි මිය ගිය දරුවාගේ මව වැඩිදුරටත් කියා සිටියේ දරුවා ත්‍රිපෝෂ ආහාරයට ගැනීමට කැමැත්තෙන් සිටි බවයි.
අප රටේ පුරවැසියන් වෙනුවෙන් කෝටි ගණන් මුදල් වියදම් කර රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක රටක කුසට අහරක් නොමැතිකමින් බිළිදෙකු මියයාම කෙතරම් නම් අභාග්‍යසම්පන්න ද?